ඉන්දියාවේ දෛනික ආසාදිතයින්ගේ පහළ යාමක්

14

ඉන්දියාවේ වාර්තාවන දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් මාසයට සාපෙක්ෂව පහළ යමින් පවතින බව වාර්තා වනවා.

ගතවු පැය 24 තුළ එරටින් ආසාදිතයින් 50, 224 දෙනෙකු හඳුනා ගැනුණා.

පසුගිය සැප්තැම්බර් 16වන දා දක්වා ඉන්දියාවෙන් දෛනිකව කොවිඩ් ආසාදිතයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔක්තෝබර් 05වන දා සිට එරට දෛනිකව වාර්තා වන කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ අගයක් ගෙන ඇති බව ද එම වාර්තා වල සඳහන්.

Your Comments