ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,50,000 ඉකමවයි

19

දෙවන වරටත් 40,000 ඉක්ම වූ නව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,54,000 ඉක්මවා තිබෙනවා.
එමෙන්ම, ගත වූ පැය 24 තුළ තවත් කොවිඞ් 19 මරණ 681ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව සදහන්.
ඒ අනුව එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 27,500 ඉක්ම වූවා.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ආසාදිතයන්ගෙන් සියයට 62 දශම 61ක් සුවය ලබා ඇති බවයි.
කොරෝනා වෛරසයෙන් තුන්වනුව වැඩිම පීඩාවට ලක්වූ රට වන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවෙන් ඉහළම අගයක් සටහන් කර තිබෙනවා.

Your Comments