ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මිලියන දෙකක ජනතාවකගේ පුරවැසිභාවය අහෝසි කෙරේ

25

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නව පුරවැසි නාම ලේඛනයට අනුව මිලියන දෙකක ජනතාවකට පුරවැසිභාවය අහෝසි වී තිබෙනවා.
නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙලෙස පුරවැසි නාම ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.
ඉන්දියාවේ දුප්පත් ප්‍රාන්තයක් ලෙස සැළකෙන ඇසෑම් ප්‍රාන්තයට නීති විරෝධීව වැඩි වශයෙන් පැමිණෙන්නේ බංග්ලාදේශ සංක්‍රමණිකයින්.
ඔවුන්ගේ පුරවැසි භාවය තහවුරු කිරීම සඳහා ඇසෑම් ප්‍රාන්ත බලධාරීන් දින 120ක කාලයක් ලබාදී තිබුණා.
ඇසෑම් ප්‍රාන්තයේ නීතිවිරෝධීව රැදී සිටින සංක්‍රමණිකයින් ඉවත්කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබාදුන් පොරොන්දුවකට අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

Your Comments