ඉන්දියානු පාර්ලිමේන්තුවට නව ගොඩනැගිල්ලක්

19

අමෙරිකානු ඩොලර් මිලියන 117ක වියදමකින් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
දිල්ලි අගනුවර මධ්‍යයේ එය ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එහි ටෙන්ඩරය හිමිව ඇත්තේ විශාල සමාගමක් වන ඉන්දියාවේ ටාටා සමාගමටයි.
වත්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 1920 යටත් විජිත සමයේ නිමවූවක්.
නව පාර්ලිමේන්තුව 2022 වසරේ ඉන්දීය 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් විවෘත කිරීම අපේක්ෂාවයි.
කෙසේ වෙතත් ඇස්තමේන්තු ගත පවුම් මිලියන 90ක මුදල පිළිබඳ කොරෝනා ව්‍යාප්තිය හමුවේ බොහෝ පාර්ශව ප්‍රශ්නකර තිබෙනවා.
ඉන්දියාවෙන් කොරෝනා ආසාධිතයින් 51 ලක්ෂ 28, 918 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 83, 338ක්.
අමෙරිකාවට පසු කොවිඞ් වසංගතය හමුවේ දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ ද ඉන්දියාවටයි.

Your Comments