ඉන්දියානුවන්ට කොවිඩ් මර්ධන එන්නත නොමිලේ

15

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කළ පසු සියලුම ඉන්දියානුවන්ට එය නොමිලේ ලබා දෙන බව ඉන්දීය රජයේ අමාත්‍යවරියක ප්‍රකාශ කර තිබෙනවා.

එම එන්නත දේශපාලනීකරණය කරන බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇති බවයි විිදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කළේ සියලුම බිහාර් වාසීන්ට කොවිඩ් එන්නත නොමිලේ ලබාදෙන බවයි.

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත් කිහිපයක් ඉන්දීය විද්‍යාඥයන් විසින් මේ වනවිට සංවර්ධනය කරමින් පවතින බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා ප්‍රකාශ කළා.

Your Comments