ඉතාලිය සංචරණ සීමා දැඩි කරයි.

7

පාස්කු සමයේ සංචරණ සීමා දැඩි කිරීමට ඉතාලිය පියවර ගෙන තිබෙනවා.

 

දෛනිකව ආසාදිතයින් විසි දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග කොරෝනා තෙවන රැල්ලක අවදානම මතුව ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වැලකී සිටින ලෙස එරට බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙනවා.

දේවස්ථාන විවෘතව තැබෙන නමුත්තමන් ජීවත් වන ප්‍රදේශයේ දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරත වන ලෙස ද ජනතාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Your Comments