ඉතාලියේ දී පාසල් ළමයින් රැගත් බස් රථයක් පැහැර ගැනේ

30

ඉතාලියේ මිලාන් නගරයේ දී පාසල් ළමයින් රැගත් බස් රථයක් පැහැර ගැනීමට ලක්ව තිබෙනවා.
එම අවස්ථාවේ දී බස් රථය තුළ ළමයින් 51 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බස් රථයේ රියදුරු විසින්ම මෙම පැහැර ගැනීම සිදු කර ඇති බව සදහන්.
එහිදී ඔහු බස් රථයකට ගිනි තැබීමට ද කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් එරට පොලීසියේ මැදිහත් වීම මත ළමයින් බේරා ගෙන ඇති අතර,පුද්ගලයින් 14 දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments