ඇෆ්ගනිස්ථාන ජනපති එක්ව සිටි මැතිවරණ රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 24ක් මරුට

11

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයාද එක්ව සිටි කාබුල් අගනුවර ආසන්නයේ පිහිටි පර්වාන් ප්‍රාන්තයේ මැතිවරණ රැළියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ජනාධිපති අෂ්රොෆ් ඝානි රැළිය ඇමතීමට සුළු මොහොතකට පෙර ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

එමෙන්ම කාබුල් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අසළ ඊයේ සිදුවූ මරාගෙන මැරෙන තවත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගියා.

ප්‍රහාරයේ වගකිම තලේබාන් සංවිධානය භාර ගෙන ඇති බව සඳහන්.

Your Comments