ඇලස්කා ප්‍රාන්ත දකුණු වෙරළ තීරයේ ප්‍රභල භූ කම්පනයක්

14

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත දකුණු වෙරළ තීරයේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එහි අගය රික්ටර් මාපක 7.5 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූකම්පනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කුඩා සුනාමි රළ පහරක් පැමිණ ඇති බව ද වාර්තා වනවා.

රළ පහරට පෙර වෙරළාශ්‍රිත නිවැසියන් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

භූකම්පනයෙන් සහ රළ පහරින් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

අදාළ ප්‍රදේශයේ පසුගිය සඳුදා දිනයේදී ද රික්ටර් මාපක 7යි දශම 8 ක භූකම්පනයක් සිදුව තිබුණා.

Your Comments