ඇමෙරිකාව අද බයිඩ්න්ගේ භාරයට – ට්‍රම්ප්ගේ සමුගැනීමේ කථාව විනාඩි 20 යි

10

ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරි පත්වී සිටින ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් එරට 46 වන ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

වසර 50ක පමණ දේශපාලන අත්දැකීම් ඇති බයිඩ්න් මෙතෙක් එරට ඉතිහාසය තුළ ජනාධිපති ධුරයට පත් වයසින් වැඩිම පුද්ගලයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විදේශ ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥයෙක් වන ඔහුගේ ඉදිරි වසර හතරක පාලනය ඇමෙරිකාවේ බොහෝ වෙනස්කම් සිදුවනු ඇති බව දේශපාලන විචාරකයින් පවසනවා.

දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන අද දිනයේදී ට්‍රම්ප්වාදීන් ප්‍රචණ්ඩක්‍රියා ඇති කරනු ඇතැයි ඇමෙරිකානු රහස් ඔත්තු සේවා අනතුරු අගවා තිබෙනවා.

දිවුරුම්දීමේ උත්සවය හේතුවෙන් ඇමෙරිකාව පුරා දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමුගැනීමේ කථාව විනාඩි 20කට පටිගතකර තිබුන ද ඔහුගේ සියලු සමාජජාල ගිණුම් අදාල ආයතන මගින් අත්හිටුවා ඇති බැවින් එය නිකුත් කිරීමට හැකිව නැහැ.

 

Your Comments