ඇමෙරිකාවේ ආරක්ෂාව තර කෙරෙයි

19

ඇමරිකාවේ සියලු‍ ප්‍රාන්තවල ආරක්ෂාව තර කර තිබෙනවා.

 

ඒ තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් ලබන 20 වනදා සිය ධුරයේ දිවුරුම්දීමට සමගාමීවයි.

විදෙස් වාර්තා සඳහන් කළේ පසුගිය 6 වනදා වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලේ ඇතිවූ ආකාරයේ විරෝධතා සහ කැරළි වළක්වාගැනීම සඳහා එම පියවර ගත් බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් විරෝධතා පා ගමන් පැවැත්විය හැකි බවට එෆ්.බී.අයි. ආයතනය අනතුරු අඟවා තිබෙනවා.

ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු ද වර්ජිනියා හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

Your Comments