ඇමසන් වනයේ ගින්න පාලනයට සහය වන්නැයි හමුදාවටත් නියෝග

20

ඇමසන් වනාන්තරයේ පැතිර යන ලැව් ගිනි පාලනය කිරීම සදහා සහය වන්නැයි බ්‍රසීල ජනාධිපතිවරයා එරට හමුදා අංශවලට නියෝග කර තිබෙනවා.
ඒ අනුව විශේෂයෙන් ආදිවාසි ප්‍රදේශ සහ දේශසීමා ප්‍රදේශ වෙත එරට හමුදාව යොදවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.
යුරෝපා රාජ්‍ය නායකයින්ගෙන් ලද දැඩි පීඩනය හමුවේ බ්‍රසීල ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බව සදහන්.
කෙසේ වෙතත්, බ්‍රසීල ජනාධිපතිවරයා ඇතැම් රටවල ක්‍රියාකාරීත්වය ද දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.
ඒ, ලැව්ගිනි පාලනයට නිසි පියවර නොගන්නේනම් දකුණු ඇමරිකානු රටවල් සමග වන දැවැන්ත වෙළද ගිවිසුම අනුමත නොකරන බවට ප්‍රංශය සහ අයර්ලන්තය ප්‍රකාශ කිරීම හේතුවෙන්.

Your Comments