ආසියානු රටවලට කොරෝනා ව්‍යාප්තවීමේ නව අදියරයක්

164

ආසියානු රටවල් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දෙවන අදියරට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාව, චීනය සහ සිංගප්පූරුව ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා බව සඳහන්.

වෛරසය පළමුව ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනය තුළ දේශීය වශයෙන් නව ආසාධිතයින් හදුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එරටට මෑතක දී පැමිණි පුද්ගලයින් 34 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

දකුණු කොරියාව, චීනය සහ සිංගප්පූරුව මේ වන විට වෛරසය සාර්ථක ලෙස මැඩපවත්වා ඇතත් එම රටවලට පිටතින් පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය ව්‍යාප්තවීමේ අවදානම තවදුරටත් පවතිනවා.

Your Comments