අල්කයිඩා නියෝජ්‍ය ප්‍රධානියෙකු මරුට

16

ඉන්දීය උප මහාද්වීප කලාපයේ අල්කයිඩා මෙහෙයුම්වල නියෝජ්‍ය ප්‍රධානියා ලෙස සැලකෙන අබු මුෂින් අල් මස්රි ඇෆ්ගනිස්ථාන හමුදා විශේෂ බලකායේ මෙහෙයුමකින් මිය ගොස් තිබෙනවා.

ඒ ඇෆ්ගන් හමුදාවේ විශේෂ බලකාය විසින් මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ ගාසි ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී.

ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර සාම සාකච්ඡා ක්‍රියාත්මක පසුබිමකදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ඊජිප්තු ජාතිකයෙකු වන ඔහු ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ඇමරිකාවටද අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව සදහන්.

Your Comments