අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායකයාගේ පුත්‍රයා මරුට

108

අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබුබක්කර් අල්බග්දාදි ගේ පුත්‍රයා මිය ගොස් ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඔහු සිරියාවේ හොම්ස් නගරයේදී මිය ගොස් ඇති බවයි.
හුදෙයි ෆා අල්බග්දාදි රුසියාවට එරෙහි මෙහෙයුමක් අතරතුරදී මිය ගොස් ඇති බව සඳහන්.
ප්‍රහාරක රයිෆලයක් රැගත් තරුණයෙකුගේ ඡායා රූපයක් පළ කරමින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබුණ ද මෙතෙක් එය නිල වශයෙන් තහවුරු වී නැහැ.
මේ අතර, අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබුබක්කර් අල්බග්දාදි ජීවතුන් අතර සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳව ද මෙතෙක් තහවුරු වී නැහැ.
පසුගිය කාලය තුළ අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායකයා රුසියානු ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට වාර්තා පළ වුණා.

Your Comments