අමෙරිකාව ගල්ෆ් කලාපයේ දියත් කරන හමුදා මෙහෙයුම්වලට එක්වීමට බ්‍රිතාන්‍යයත් සලකා බලයි

12

සෞදි අරාබියේ ආරක්ෂාව සුරක්ෂිත කිරිම සඳහා ඇමරිකාව ගල්ෆ් කලාපයේ දියත් කරන හමුදා මෙහෙයුම් වලට එක්වීම පිළිබඳව බ්‍රිතාන්‍යය ද සලකා බලමින් සිටින බව එරට අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් පවසනවා.
එමෙන්ම සෞදි අරාබියේ තෙල් පිරිපහදු සංකිර්ණ වලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සෘජුවම චෝදනා කළේ ඉරානයටයි.
ප්‍රහාරයේ වගකීම යේමනයේ හවුති කැරළිකරුවන් භාර ගත්ත ද, සෞදි අරාබිය සහ ඇමරිකාව ද ඒ පිළිබඳව ඉරානයට චෝදනා කළා
ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු භට පිරිස් සෞදි අරාබිය යැවීමට ද පෙන්ටගනය තීරණය කර තිබෙනවා.

Your Comments