අමෙරිකාවේ ළමුන් අතර කොරෝනා වර්ධනයක්

11

ඇමෙරිකාවේ පාසැල් ළමුන් අතර කොරෝනා වයිරසය සීග්‍රයෙන් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාසැල් ළමුන් ලක්ෂ 3කට පමණ මේ වනවිට වයිරසය ආසාදනය වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

වයිරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ සියලු පාසැල් අද සිට වසා දැමීමටයි බලධාරීන් තීරණය කළේ.

අඛණ්ඩව 16 වන දිනටත් අමෙරිකාවෙන් දෛනික ආසාධිතයින් ලක්ෂය ඉක්මවා වාර්තා වනවා.

ඊයේ දිනයේදී ඇමෙරිකාවෙන් හදුනාගෙන ඇති ආසාදිතයින් ගණන 173,000ක්.

අමෙරිකාවෙන් ආසාධිතයින් 11,873,863ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 256,262ක් ලෙසයි.

Your Comments