අමෙරිකාවේ මිසයිල අත්හදා බැලීමක් අසාර්ථක වෙයි

15

අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් අත්හදා බැලු ප්‍රහාරක මිසයිලයක් අසාර්ථක වී තිබෙනවා.

හයිෆර්සොනික් ලෙස නම් කර ඇති මෙම මිසයිලය කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගත කළ ප්‍රහාරක යානයක සිට දියත් කිරීමටයි සැලසුම් කර තිබුණේ.

ඒ සදහා නික්මුණු යානය ප්‍රහාරය අසාර්ථක වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කැලිෆෝනියාවට ගොඩ බස්වා ඇති බව සදහන්.

චීනය සහ රුසියාව සමඟ හයිෆර්සොනික් ආයුධ නිපදවීම සම්බන්ධයෙන් ඇති වී ඇති තරඟකාරී පසුබිමක මෙම මිසයිල අත්හදා බැලීම අමෙරිකාව ලැබු දරුණු පසුබෑමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.

 

Your Comments