අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ හැත්තෑව ඉක්මවයි

8

අමෙරිකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ හැත්තෑව ඉක්මවා තිබෙනවා.

විදෙස් පුවත් සේවා වාර්තා කළේ මේ වන විට අමෙරිකාවෙන් කොරෝනා වෛරස ආසාදිතයින් 7,004,768 දෙනෙක් වාර්තා වන බවයි.

ඉන් මේ වන විට ආසාදිතයින් 204,118 දෙනෙක් මරණයට පත්ව ඇති අතර ආසාදිතයින් 4,250,140 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

අමෙරිකාවේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයෙනි. එම සංඛ්‍යාව 786,441ක් වන අතර මරණයට පත්ව ඇති සංඛ්‍යාව 15,018ක්.

මේ අතර වැඩි මරණ සංඛ්‍යාව වන 33,177 වාර්තා වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 483,704ක් වනවා.

අමෙරිකාවේ ටෙක්සාස්, ෆ්ලෝරිඩා යන ප්‍රාන්ත පිළිවෙළින් වැඩිම ආසාදිතයින් සැලකීමේදී දෙවන හා තුන්වන ස්ථානයට පත්ව ඇති අතර ටෙක්සාස් ප්‍රාන්තයෙන් ආසාදිතයින් 725,384 දෙනෙක්ද ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 683,754 දෙනෙක් වාර්තා වනවා.

Your Comments