අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2,15,000 ඉක්මවයි

66

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (02) පස්වරු 2.00 පමණ වන විට 9,37,130ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් පුද්ගලයන් 1,95,143ක් සුවය ලබා ඇති අතර ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 47,267ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලොව පුරා ආසාදිතයින්ගෙන් 6,94,720 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 35,772 දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවද වාර්තා වනවා.
මේ අතර ඊයේ දිනයේ වැඩිම මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,049ක්.
අමෙරිකාවේ මේ වන විට ආසාදිතයින් සංඛ්‍යාව 2,15,344ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 5,112ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට අමෙරිකාවේ ආසාදනයට ලක්වූවන්ගෙන් 8,878 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
මේ අතර ස්පාඤ්ඤයෙන්ද ගෙවී ගිය පැය 24ක කාලයේදී කොරෝනා ආසාදනය වීම නිසා පුද්ගලයන් 923 දෙනෙකු මියගොස් තිබෙනවා.
ස්පාඤ්ඤයේ මේ වන විට ආසාදිතයින් 104118 දෙනෙකු වාර්තා වන අතර ඉන් 22,647 දෙනෙකු සුවය ලබා ඇති බවත් තවත් 9387 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් වාර්තා වනවා.
ගෙවී ගිය පැය 24ක කාලයේදී ඉතාලියෙන්ද මරණ 727ක් වාර්තා වනවා.
ඉතාලියෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,10,574 ක් වන අතර ඉන් පුද්ගලයන් 19,847ක් සුවය ලබා ඇති අතර තවත් පුද්ගලයින් 13,155ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර එක්සත් රාජධානියෙන් මරණ 563ක්ද ප්‍රංශයෙන් මරණ 509ක්ද වාර්තාත වනවා.
මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,998ක් වන අතර ඉන් 148 දෙනෙකු සුවය ලබා ඇති අතර මියගිය සංඛ්‍යාව 58ක්.

Your Comments