අමෙරිකාවෙන් රුසියාවට සම්බාධක

21

රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

අමෙරිකාව පවසන්නේ රුසියාව, බි්‍රතාන්‍යයේ දිවිගෙවන හිටපු රුසියානු ඔත්තුකරුවකුට මාරාන්තික විෂ ප්‍රහාරයක් එල්ල කිරීම මෙම නව සම්බාධක පැනවීමට හේතු වූ බවයි.

රුසියාව, තමනගේම පුරවැසියන්ට එරෙහිව මාරාන්තික රසායනික අවි භාවිත කර ඇති අතර එය ජාත්‍යන්තර නීතිය කඩ කිරීමක් බවට අමෙරිකාව පෙන්වා දෙනවා.

විෂ ප්‍රහාරය එල්ල වූ රුසියානු හිටපු ඔත්තුකරු සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යූලියා, ඉන් බරපතළ ලෙස රෝගාතුර වූ නමුත් පසුව පසුගිය දා සුවය ලැබුවා.

මෙම විෂ ප්‍රහාරයට රුසියාව සම්බන්ධ යැයි බි්‍රතාන්‍ය පරීක්ෂක කණ්ඩායමක් පැවසුව නමුත් රුසියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

නව සම්බාධක ලබන 22 දින සිට ක්‍රියාත්මක වනු ඇති.

Your Comments