අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ට්‍රම්ප්ට අවසරයක්

11

මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ බැම්මක් ඉදි කිරීම සදහා පෙන්ටගනයට අයත් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදල් යොදා ගැනීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත අවසර ලබා දී තිබෙනවා.

මෙය 2016 වසරේ ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් විසින් ලබා දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක්.

කෙසේ වෙතත්, ඊට අමෙරිකානු විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වනවා.

නමුත්. මේ වන විට ලබා දී ඇති අධිකරණ තීන්දුවත් සමග අදාළ දේශසීමා බැම්ම කැලිෆෝනියා, ඇරිසෝනා සහ නිව් මෙක්සිකෝ යන ප්‍රදේශවල ඉදි කිරීමට කටයුතු කරනු ඇති.

Your Comments