අමෙරිකානු බලපෙරලියට මුහුණ දීමට උතුරු කොරියාව සූදානම්

7

කිනම් පුද්ගලයෙකු අමෙරිකානු ජනාධිපති ධුරයට පත් වුව ද තම රට සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිය වෙනස් කරගත යුතු බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අනතුරු අගවනවා.

පාලක කම්කරු පක්ෂයේ සම්මේලනයක් අමතමින් උතුරු කොරියානු නායකයා අවධාරණය කළේ තම රටේ ප්‍රභල ප්‍රතිවාදයා අමෙරිකාව බවයි.

ඒ අනුව අමෙරිකානු බල පෙරලිය හමුවේ හමුදා බලඇණිය සහ න්‍යෂ්ඨික ශක්‍යතාව තවදුරටත් පුළුල් කරන ලෙසයි කිම් ජොන් උන් නියෝග කර ඇත්තේ.

න්‍යෂ්ඨික සබ්මැරීනයක් සඳහා වන සැලසුම් අවසන් අදියරේ පවතින බව ද ඔහු එහිදී සඳහන් කළා.

උතුරු කොරියානු නායකයාගේ මෙම ප්‍රකාශ අමෙරිකාවේ නව රජයට ප්‍රභල බලපෑමක් වනු ඇති බව විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.

Your Comments