අමෙරිකානු එන්නත් මිලියන 15 ක් ඉවත දමයි

6

අමෙරිකාව විසින් නිෂ්පාදනය කළ කොරෝනා මර්ධන එන්නතක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 15 ක් තත්ත්ව පරීක්ෂාවේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මේ හේතුවෙන් එම එන්නත් තොගය ඉවත දැමීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අමෙරිකාවේ මිරිලෑන්ඩ් හි පිහිටි ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ නොසැලකිල්ල හේතුවෙන් මෙම එන්නත් ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන්.

මේ අතර, චීනය විසින් නිෂ්පාදනය කළ එන්නත් දෙකක් මිනිස් ශරීරයට අහිතකර නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙනවා.

ඔවුන් මෙලෙස ධනාත්මක අදහස් පල කර ඇත්තේ චීනයේ නිෂ්පාදනය කළ සිනොවැක්ස් සහ සිනොෆාම් එන්නත් පිළිබඳවයි.

ඒ අනුව මෙම එන්නත් වලට අදාල හදිසි භාවිතය සඳහා වන නිර්ණායක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කඩිනමින් නිකුත් කරනු ඇති.

Your Comments