UPDATE : අම්ෆන් සුළි කුණාටුව ඉන්දියාවට සහ බංග්ලාදේශයට ඇතුලු වෙයි

11

බෙංගාල බොක්කේ ස්ථානගතව ඇති අම්ෆන් සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ බෙංගාල ප්‍රදේශයට සහ බංග්ලාදේශට ඇතුළු වී තිබෙනවා.
පැයට කිලෝ මීටර් සියයක පමණ වේගයකින් සුළං හමා යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සුළි කුණාටුවත් සමග පවතින තද වැසි හේතුවෙන් ප්‍රදේශ ගසකට ජල ගැලීම් තත්ත්වයක් ද හට ගෙන ඇති බව සදහන්.


අම්ෆන් සුළි කුණාටුව අද පස්වරුවේ ඉන්දියාවට[May 20, 2020 at 16:45]

බෙංගාල බොක්කේ ස්ථානගතව ඇති අම්ෆන් සුළි කුණාටුව අද පස්වරු කාලයේ දී ඉංදියාවේ බෙංගාල ප්‍රදේශයට ඇතුල්වනු ඇති බව එරට කාළගුණ අංශ පවසනවා.
පස්වරු 4ත් පස්වරු 6ත් අතර කාළය තුළදී ඉන් වැඩිම බලපෑමක් එල්ල වනු ඇති බවටයි එම අංශ අනතුරු අගවන්නේ.
සුළි කුණාටුව හේතුවෙන් මේ වන විටත් දැඩි සුළං සහ තද වර්ෂාපතනයක් එරට බෙංගාල සහ ඔඩීෂා ප්‍රදේශවලට බලපා ඇති බව සඳහන්.
මේ අතර හෙට දිනයේ සිට අම්ෆන් සුළි කුණාටුව මගින් මෙරට කාළගුණය කෙරෙහි වන බලපෑම අඩුවනු ඇති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Your Comments