‘අපේ නිවස ගිනි ගන්නවා’- ඇමසන් ගින්නේ ‘ජාත්‍යන්තර අර්බුදය’ (PHOTOs)

46

ඇමර්සන් වනාන්තරයේ ඇති වී තිබෙන ගින්න ජාත්‍යන්තර අර්බුදයක් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

අපට පවතින පැය ගණන ගිනි ගනිමින් පවතින බවයි ඔහු ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එහි දක්වා ඇත්තේ ‘අපේ නිවස ගිනි ගන්නවා’ යනුවෙන්.

ජී.7 සමුළුවේදී මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

මේ අතර ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනයේ පැතිරෙන ගින්න පාලනයට අවශ්‍ය සම්පත් සිය රටට නොමැති බව බ්‍රසීල ජනාධිපති ජයීර් බොල්සෝනරෝ සඳහන් කළා.

පේරු, කොලොම්බියාව, වෙනිසුවෙලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනා සහ සුරිනාම් රාජ්‍යයන් හි පැතිර ඇති ඇමසන් වනයෙන් 60%ක් අයත් වන්නේ බ්‍රසීලයටයි.

එරට වත්මන් ජනාධිපති ජයීර් බොල්සෝනරෝ හඳුන්වන්නේ ‘බ්‍රසීල ට්‍රම්ප්’ ලෙසින්.

ඔහුට ඇමසන් විනාශය පිළිබද සෘජු චෝදනා එල්ලවනවා.

ඒ ඔහු බලයට පත්වීමෙන් පසු වනාන්තරයේ දැව ජාවාරම, රන් ආකර පවත්වාගෙන යාම වැනි විවිධ විනාශකාරී තත්වයන් ක්‍රියාත්මක වීම හේතුවෙන්.

ලොවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් උත්පාදනය කරන්නේ ඇමසන් වනාන්තරයෙන්.

එය ආරක්ෂා කළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් අවධාරණය කළේ.

Your Comments