අප්‍රිකාවේ වයස්ගතම ඉබ්බා මිය යයි

24

අප්‍රිකානු මහද්වීපයේ වයස්ගම ඉබ්බා ලෙස සැළකෙන අවුරුදු 344 ක් වයසැති අලග්බා මියගොස් තිබෙනවා.

නිරිතදිග නයිජීරියාවේ සාම්ප්‍රදායික පාලකයා වන ඔග්බොමොෂෝ රජුගේ මාළිගයේදී රෝගාතුරවීමෙන් මෙම ඉබ්බා මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම ඉබ්බා රජ මාළිගයේ සියවස් ගණනාවක් වාසය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ඉබ්බෙකුගේ ජීවිත කාලය වසර 100 ක් පමණ වන අතර, මෙම ඉබ්බාගේ අසාමාන්‍ය ජීවිතකාලය පිළිබඳව ඇතැම් සත්ව විද්‍යාඥයන් සැක පළ කරනවා.

මෙම ඉබ්බා රෝග සුවකිරීමේ බලයක් සහිත අසාමාන්‍ය සත්වයෙකු ලෙසයි නයිජීරියානු ජාතිකයින් හදුන්වනු ලබන්නේ.

Your Comments