UPDATE: අධ්‍යාපන ආයතනයේ ගින්න – 20ක් මරුට

49

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අධ්‍යාපන ආයතනයක ඇති වූ ගින්නකින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිය ගිය අය අතරින් වැඩි පිරිසක් සිසුන්.

ඔවුන් වයස අවුරුදු 14ත් 17ත් අතර පසුවන්නන්.

ගින්න හේතුවෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.

ගින්න ඇතිවන අවස්ථාවේදී එහි ඉහළ මහලේ සිට බිමට පැමිණීමට උත්සාහ කළ පිරිස ද මියගිය පිරිසට ඇතුළත්.

ගුජරාට්හි සිවුමහල් වාණිජ ගොඩනැගිල්ල පුද්ගලික පන්ති පවත්වන ස්ථානයක්.

Your Comments