ඊජිප්තු හමුදාව සහ අයි.එස්. සටන්කාමීන්ගේ ගැටුම් හමුවේ හමුදා නිලධාරීන් 50කට වැඩි පිරිසක් මරුට

 10/21/2017 - 16:50
133 reads

ඊජිප්තුවේ බටහිර කාන්තාර කලාපය තුළ දී අයි. එස්. සටන්කාමීන් සහ එරට ආරක්ෂක හමුදා සාමාජිකයින් අතර පැවති ගැටුම් හමුවේ හමුදා නිලධාරීන් 50කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් 15 දෙනෙකු ද මියගොස් ඇති බවයි.

මේ අතර ඊජිප්තුවේ කයිරෝ නුවර වෙරළ තීරයේ කළ වැටලීම් හමුවේ ද ආරක්ෂක අංශ සහ අයි. එස්. සටන්කාමීන් අතර ගැටුම් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news