මගීන් 151ක් රැගත් යානයක්‌ කාර්මික දෝෂයකින් අඩි 32000ක් ඉහළදී ආපසු හරවයි

 10/16/2017 - 10:36
427 reads

මගීන් 151 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගමන් ආරම්භ කර විනාඩි 25කින් පමණ ඇතිවූ  කාර්මික දෝෂයක හේතුවෙන්  යානය යළි ගෙන්වා ආරක්ෂිතව ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්දුනීසියානු එයාඒෂියා (AirAsia) A320 ගුවන් යානය ගමන් ආරම්භ කර තිබුණේ  ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින්.

පර්ත් නුවර සිට බාලි දූපතට නියමිත කාලය පැය 3කුත් විනාඩි 29ක්. කිලෝමීටර  2569ක්.

ඉන්දුනීසියාවේ බාලි දූපත බලා යන  යානයේ හටගත් තාක්ෂණික දෝෂය හේතුවෙන් නැවතත් ඕස්ට්‍රේලියාව බලා පියාසර කර ඇති බව සඳහන්.
එයාර්බස් වර්ගයට අයත් QZ535 දරණ යානයේ මගීන් 151 දෙනෙකු සිටි බව විදෙස් වාර්තා පවසනවා.

දෝෂයක් හටගත් බවට නියමුවාට  අනතුරු ඇඟවීමේ සංඥාව ලැබී ඇත්තේ යානය අඩි  32,000ක් නංවා තිබියදී.

යානයේ පීඩනය සම්බන්ධයෙන් හටගෙන ඇති දෝෂය  හඳුනාගත් නියමුවා යානය අඩි  10,000ක් දක්වා පහතට  ගෙන ඇත්තේ කඩිනමින්.
යානය වහා ගොඩ බැස්සවීමට  අවැසි බව නියමුවා  පාලක මැදිරියට දන්වා තිබෙනවා.
ඒ අනුව යානය ගමන් ආරම්භ කළ පර්ත් තොටුපළටම යළි යානය ආරක්ෂාකාරීව ගොඩ බස්සවා තිබෙනවා.

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
AirAsia flight QZ535