ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වීමේ අමෙරිකානු තීරණය අද

 10/13/2017 - 15:14
44 reads

ඉරානය සමග පවතින න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වන බව අමෙරිකාව විසින් අද දින ප්‍රකාශයට පත් කරනු ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව සම්බාධක පනවන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එරට කොංග්‍රසයට දින 60 ක කාලයක් ලබා දී ඇති බව සඳහන්.

අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් යුරෝපය සහ චිනය සමග ද සාකච්ඡා පවත්වන බවයි.

එම ගිවිසුමෙන් ඉවත් නොවන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අමෙරිකාව තුළින්ම සහ විදෙස් රටවල් රැසකින් ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news