ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට සයිබර් ප්‍රහාරයක්

 10/12/2017 - 14:16
12 reads

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සදහන් කලේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල තොරතුරු ඇතුළත් වැඩසටහන් රැසක් මෙලෙස සොරාගෙන ඇති බවයි.

විශේෂයෙන් නව ගුවන් ප්‍රහාරයක යානාවල දත්ත ද ඒ අතර වන බව සදහන්.

කෙසේ වෙතත් මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවයි ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරන්නේ.

මෙම දත්ත සොරකම් කළේ කවුරුන් ද යන්න පිළීබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය ඊයේ දිනයේදී බිද වැඩුටීමකට ලක්වුණා.

පරිගණක තුළින් හෝ ජංගම දුරකතනවලින් ෆේස්බුක් වෙත පිවිසිය නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments