කැටලෝනියාවට ස්පාඤ්ඤයෙන් දින 5ක්

 10/12/2017 - 09:36
6 reads

ස්පාඤ්ඤයෙන් වෙන්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා කැටලෝනීයා රාජ්‍යයට දින 05ක කාලයක් ලබා දීමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබෙනවා.

ස්පාඤ්ඤ අග්‍රමාත්‍ය මරියානෝ රජෝයි සදහන් කරන්නේ මේ පිළිබද තීරණයක් නොගත හොත් ව්‍යවස්ථාවේ 155 වැනි වගන්තිය අනුව කැටලෝනියාවේ ස්වෛරිභාවය අහෝසී කරන බවයි.

එමගින් යළි කැටලෝනියාව සිය රට වෙත පවරා ගන්නා බව ඔහු අවධාරණය කර සිටිනවා.

කෙසේ වෙතත් මෙම දේශපාලන උණුසුම හමුවේ ස්පාඤ්ඤය අද සිය ජාතික දිනය සැමරිමට නියමිතව තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news