අවුන්සාන් සුකීට ජගත් සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

 10/12/2017 - 07:24
301 reads

මියන්මාරයේ රෝහීන්ග්‍යා ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වහා නතර කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් නිලනොලත් නායිකා අවුන්සාන් සුකීට අනතුරු අගවා තිබෙනවා.

මියන්මාර ආරක්ෂක අංශ රෝහින්ග්‍යා ජනතාවට එරෙහි මිලේච්ඡ ආකාරයෙන් කටයුතු කරන බවයි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානය චෝදනා කරන්නේ.

මේ අතර මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ ඉහළ පෙලේ නිලධාරිණියක් වන ලොක් ඩෙස්සාලියන් යලි සිය රට වෙත කැදවිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා.

ඒ මියන්මාර ගැටලුව පාලනය සදහා ඇය විසින් දායකත්වය ලබානොදිම හේතුවෙන්.

ඇය විසින් සිය සේවය පැහැර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments