ඩාවින්චිගේ අවසන් සිතුවම වෙන්දේසියට

 10/11/2017 - 12:51
56 reads

ලොව ප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ අවසන් සිතුවම ලෙස සැලකෙන ජෙසුස් වහන්සේගේ රුව සහිත සිතුවමක් වෙන්දේසී කිරීමට අමෙරිකාවේ නිව්යෝර්ක් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ සිතුවම ලබන නොවැම්බර් 15 වන දා අමෙරිකානු ඩොලර් මිලියන 100 සිට වෙන්දේසි කිරීමට ඔවුන් පියවර ගෙන ඇති බවයි.

ක්‍රි.ව 1500 ට අයත් වන මෙම සිතුවම ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කරන ලද සිතුවම් 20 අතරින් සුවිශේෂ එකක් වන බව සඳහන්.

වසර 12 ක පමණ කාලයක සිට මෙම චිත්‍රය අතුරුදන්ව පැවති බවටයි වාර්තා වන්නේ.

සැල්වේටර් මුන්ඩි නමින් හැඳින් වූ මෙම සිතුවම ලොවපුරා සංචාරය කරවීමට ද සිතුවම භාරව කටයුතු කරන සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news