අමෙරිකාවට උතුරු කොරියාවෙන් සයිබර් ප්‍රහාරයක්

 10/10/2017 - 19:20
213 reads

අමෙරිකාව සහ දකුණු කොරියාව සම්බන්ධයෙන් යුධ රහස් රැසක් උතුරු කොරියානු සයිබර් ප්‍රහාරයකන් විසින් සොරාගෙන ඇති බවට වාර්තා වනවා.

එම ප්‍රහාරය එල්ල කළ උතුරු කොරියානු හැකර්වරුන් සදහන් කර ඇත්තේ අමෙරිකානු ආරක්ෂක පද්ධතියට ඇතුලු වී තමන් එම දත්ත සොරාගත් බවයි.

අමෙරිකාව සහ දකුණු කොරියානු ඒකාබද්ධ යුධ රහස් රැසක් තමන් අත්පත් කරගත් බවටයි එම හැකර්වරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, අමෙරිකාව සහ දකුණු කොරියාව මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නැහැ.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news