දූරියන් වලින් නිකුත් වන දුර්ගන්ධයට හේතුව හෙළිවෙයි

 10/10/2017 - 15:36
135 reads

දූරියන් නමැති පළතුරු විශේෂය මගින් නිකුත් වන දුර්ගන්ධයට හේතුව සිංගප්පූරුව පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ දූරියන් ඵලයෙහි ඇති ජාන විශේෂයක් හේතුවෙන් මෙම දුර්ගන්ධය පැතිරෙන බවයි.

එම ජාන හඳුනා ගැනීමත් සමග අනාගතයේ දී දුර්ගන්ධයක් නොමැති කෘතීම  දූරියන් නිපදවීමට තම අපේක්‍ෂාව බව ඔවුන් අවධාරණය කර සිටිනවා.

කෙසේ වෙතත් මේ සඳහා විවිධ පාර්ශව යහපත් ප්‍රතිචාර මෙන්ම අයහපත් ප්‍රතිචාර දක්වා තිබීම විශේෂත්වයක්.

ඇතැමුන් පවසන්නේ දුර්ගන්ධයක් නොමැතිව දූරියන් අනුභව කිරීම පල රහිත ක්‍රියාවක් වනු ඇති බවයි.

එහෙත් දුර්ගන්ධය හේතුවෙන් එය ප්‍රතික්‍ෂේප කරන්නන්ට එහි රස විඳීමේ අවස්ථාව හිමි වනු ඇති බවට බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news