කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් 10ක් මරුට

 10/10/2017 - 09:24
6 reads

කැළිෆෝනියාවේ වයින් ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින දරුණු ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ලැව් ගිනි මේ වන විට අක්කර 1500 කට අධික භූමි ප්‍රදේශයක පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් නපී, සොනෝමා හා යුඛා යන ප්‍රදේශවල ලැව් ගිනි පැතිර යමින් පවතින අතර විසි දහසක පමණ පිරිසක් මේ වන විට ඉවත් කර තිබෙනවා.
ලැව් ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි තත්ත්වයක් ද කැලිෆෝනියා ප්‍රාන්තය තුළ ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news