ඉරාන න්‍යෂ්ඨික ගිවිසුම ගැන චීනය කතා කරයි

 10/09/2017 - 18:18
5 reads

ඉරාන න්‍යෂ්ඨික ගිවිසුම ඉදිරියටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීනය පවසනවා.
අදාළ ගිවිසුමෙන් ඉවත් වීමට අමෙරිකාව කටයුතු කරමින් සිටින බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීම පිළිබඳව අදාළ න්‍යෂ්ඨික ගිවිසුම වැදගත් උදාහරණයක් සපයන බව ඔහු පෙන්වාදෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news