අමෙරිකා උප ජනපති රට වෙනුවෙන් නැගිට යයි

 10/09/2017 - 11:50
55 reads

අමෙරිකාවේ පැවති ජාතික පාපන්දු ලීගය නැරඹීම සඳහා පැමිණ සිටි එරට උප ජනාධිපති මයික් පෙන්ස් ක්‍රීඩකයින්ගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් තරගය අතරතුර දී පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, පාපන්දු ක්‍රීඩකයින් අමෙරිකානු ජාතික ගීය වාදනය අතරතුර දී ඊට ගෞරව නොකිරීම හේතුවෙන්.

උප ජනාධිපති මයික් පෙන්ස් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම ජාතික කොඩියට සහ හමුදාවට ගරු නොකරන පුද්ගලයින් සිටින ස්ථානයක රැඳී සිටීම  තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

මයික් පෙන්ස් සිදු කළ ක්‍රියාව තමන් ද අගය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණූමේ සටහනක් පළ කර තිබෙනවා.

කෙසේවෙතත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජාතින් අතර ගැටුම් ඇති වන පරිදි සිදු කරන ප්‍රකාශයන්ට විරෝධය පළ කරමින් එරට පාපන්දු ක්‍රීඩකයින් මීට පෙර ද මේ ආකාරයට හැසිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news