‍මෝදි උපන් ගමට යයි

 10/08/2017 - 21:30
8 reads

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය උපන් ගම වන ඉන්දියාවේ පිහිටි වඩනගර් ප්‍රදේශයට ගොස් තිබෙනවාඅග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු නරේන්ද්‍ර මෝදි සිය උපන් ගමට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
නරේන්ද්‍ර මෝදි පිළිගැනීම සඳහා මග දෙපස විශාල ජනතාවක් රැස්වී සිට ඇති අතර ජනතාව අමතමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ට උණූසුම් පිළිගැනීමක් ලැබුණු බවයි.
එමෙන්ම එම ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳ සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා අද දහවල් සංචාරයක නිරත වී ඇති බව ද සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news