රුසියානු ජනාධිපතිගේ 65වන උපන් දිනය දා නගර රැසක විරෝධතා

 10/08/2017 - 14:11
14 reads

රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින්ගේ 65 වන උපන් දිනය දා එරට විපක්ෂයට සහය දක්වන පිරිසක් රට පුරා විරෝධතා පවත්වා තිබෙනවා.
ඒ, එරට විපක්ෂ නායකවරයාට ලබන වසරේ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින්.
ඔහු මේ වන විට අත්හිටවූ සිරදඩුවමකට යටත්ව සිටීම හේතුවෙන් විපක්ෂ නායකවරයාට එළඹෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට නොහැකි බව සදහන්.
නගර 80ක පමණ පැවැති අදාළ විරෝධතා අතරතුර කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 250 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට ද පත්ව තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news