ඉන්දියාවේ රෝහලක දින 5ක් තුළ බිළිඳුන් හැට දෙනෙකු මිය යයි

 08/12/2017 - 19:18
8 reads

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ගොරාක්පූර් දිස්ත්‍රික්කයේ රෝහලක නව බිළිඳුන් ඇතුළු ළදරුවන් 60 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ පසුගිය දින 5 තුළ මෙම දරුවන් මිය ගොස් ඇති බවයි.

මිය ගිය ළඳරුවන් අතර වැඩි පිරිසක් නව බිළිදුන් බව සඳහන්.

රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඔක්සිජන් ලබාදීමේදී ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙම දරුවන් මිය ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවැත්වෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments