UPDATE: අද ප්‍රහාරයෙන් ලන්ඩන්හී තවත් 10 කට තුවාල

 06/19/2017 - 19:19
220 reads

එංගලන්තයේ ලන්ඩන් නුවර ප්‍රින්ස්බරි පාර්ක් ප්‍රදේශයේදී ජනතාව වෙතට වෑන් රථයක් සිතා මතා ධාවනය කිරීම තුළින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
සිද්ධියෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉස්ලාමීය වන්දනාකරුවන් පිරිසක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී තිබුණා.
අදාළ වෑන් රථය පැදවූ පුද්ගලයා මේ වන විට එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අද එල්ල වූ ප්‍රහාරය එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ හෙලා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මෙය පසුගිය මාස 4 ක කාලය තුළ එංගලන්තයෙන් වාර්තා වූ 4 වන ත්‍රස්ත ප්‍රහාරයයි.


UPDATE01- ලන්ඩන්  නුවරට තවත් ප්‍රහාරයක් -  2017-06-19 14:19

ලන්ඩන් නුවර ප්‍රින්ස්බරි පාර්ක් ප්‍රදේශයේදී ජනතාව අතරට රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් නිශ්චිතව වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එම රථය පැදවූ පුද්ගලයා ද මේ වන විට ලන්ඩන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.