UPDATE: අත්හිටවූ අල් ජසීරා නාලිකාවේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට

 06/17/2017 - 18:04
9 reads

අත්හිටුවා තිබූ කටාරයේ අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ ට්විටර් ගිණුම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
කුමන හේතුවක් මත එම ගිණුම අත්හිටුවා තිබුණේද යන්න සම්බන්ධයෙන් දැනුම්දී නොතිබූ බවයි වාර්තා වන්නේ.
ලොව පුරා මිලියන 12 ක පමණ ජනතාවක් එම ට්විටර් ගිණුම පරිශීලනය කරන බව සඳහන්.
ට්විටර් ගිණුමක් අත්හිටුවිමට හැකියාව ඇත්තේ ප්‍රධාන කරුණු තුනක් යටතේ පමණක් බවයි  විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.


අල් ජසීරා නාලිකාවේ ට්විටර් ගිණුම අත්හිටුවයි - 2017-06-17 16:54

කටාරයේ අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ ට්විටර් ගිණුමක් අත්හිටුවා තිබෙනවා.

කුමන හේතුවක් මත එය සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් දැනුම්දී නොමැති බවයි වාර්තා වන්නේ.

ලොව පුරා මිලියන 12 ක පමණ ජනතාවක් එම ට්විටර් ගිණුම පරිශීලනය කරන බව සඳහන්.