ලන්ඩන් ගින්නෙන් පීඩාවට පත්වුවන්ගේ විරෝධතා ඉහළට

 06/17/2017 - 07:26
3 reads

එංගලන්තයේ, ලන්ඩන් නුවර තට්ටු නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පීඩාවට පත්වූවන්ගේ විරෝධතා ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන් එරට නගර කිහිපයක විරෝධතා සංවිධානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තමන්ට කඩිනමින් සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ඔවුන් පෙන්වාදෙනවා.
කෙසේවෙතත් එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ සඳහන් කර ඇත්තේ සහන සැලසීම සඳහා පවුම් මිලියන පහක මුදලක් වෙන් කර ඇති බවයි.
සිද්ධියෙන් මියගිය ගණන මේ වනවිට 30 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 70 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව සඳහන්.

 

Comments