ඉවතලන පොත්පත් එකතු කර පුස්තකාලයක්

 06/16/2017 - 15:42
4 reads

ප්‍රාථමික අධ්‍යාපනයෙන් ඔබ්බට යාමට වරම් නොලද කසල එකතු කිරීම ජීවිකාව කර ගත් කොලොම්බියානු ජාතිකයෙක් ඉවතලන පොත්පත් එකතු කර පුස්තකාලයක් නිර්මාණය කිරීමේ පුවතක් බොගෝටා අගනුවරින් වාර්තා වනවා.
ජොසේ ඇල්බර්ටෝ ගුටියරස් නමැති ඔහුගේ පුස්තකාලය තුළ ඇති පොත් එකතුව විසි දහසකට අධිකයි.
ඔහු පොත් එකතු කිරීම ආරම්භ කර ඇත්තේ ලියෝ තොල්ස්තෝයි විසින් රචිත ‘ඇනා කැරනිනා‘ නවකතාවේ ඉවතලු පිටපතක් හමුවීමෙන් අනතුරුව බව සදහන්.
සිය ප්‍රජා පුස්තකාලය සතු පොත් සෙසු පුද්ගලයන් වෙත නොමිලේ ලබා දෙනු ලබනවා.