ලන්ඩන් නුවර තට්ටු 27ක ගොඩනැගිල්ලේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට

 06/15/2017 - 08:08
14 reads

බටහිර ලන්ඩනයේ නොටින්හිල් - කෙන්සින්ටන් ප්‍රදේශයේ පිහිටි මහල් 27 කින් යුත් ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ හට ගත් ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ ගින්නට හසුව මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් 74 දෙනෙකු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

Comments