UPDATE: ලන්ඩනයේ ගොඩනැගිලිව නඩත්තු සහ ආරක්ෂක විධිවිධාන ගැන පරීක්ෂණයක්

 06/14/2017 - 19:21
553 reads

ලන්ඩනයේ ඇති සියලූ ගොඩනැගිලිවල නඩත්තු කටයුතු සහ පවතින ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන බව එහි නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
අද උදෑසන බටහිර ලන්ඩනයේ නොටින්හිල් - කෙන්සින්ටන් ප්‍රදේශයේ පිහිටි මහල් 27 කින් යුත් ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ හට ගත් ගින්න හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
ගින්න හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 50 ඉක්මවා ඇති අතර මියගිය සංඛ්‍යාව මෙතෙක් තහවුරු කර නැහැ.
කෙසේ වෙතත්, මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් පිරිසක් සිටින බව ද සදහන්.

 


ලන්ඩන් නුවර තට්ටු 27ක ගොඩනැගිල්ලක් ගිනි ගනී  (LIVE video) [06/14/2017 - 08:30]

බ්‍රිතාන්‍යයේ - ලන්ඩන් නුවර වැලැටිමර් ප්‍රාන්තයේ තට්ටු 24 කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න දෙවන මහලේ  සිට ඉහළටම පැතිර යන බව සඳහන්.

ගිනි නිවන යන්ත්‍ර 40ක් මෙන්ම නිලධාරීන් 200 කට අධික පිරිසක් ගින්න මැඩපැවැත්වීමට යොදවා තිබෙනවා.

ගොඩනැගිල්ලේ සිටින පුද්ගලයින් මුදවා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Grenfell Tower fire

Comments