UPDATE: දකුණු කොරියානු නව ජනපති දිව්රුම් දෙයි

 05/10/2017 - 12:29
124 reads

දකුණු කොරියානු 19 වන ජනාධිපති මූන් ජේ ඉන් සිය ධුරයේ දිව්රුම්
දෙනු ලැබුවා.
එම අවස්ථාවෙදී ඔහු සඳහන් කර ඇත්තේ මේ වන විට දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර පවතින පරතරය අවම කර රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම උතුරු කොරියාව සමග සාකච්ඡා පවත්වා, දෙරට අතර සමගිය ඇති කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.


UPDATE01: දකුණු කොරියාවේ නව ජනාධිපති ලෙස මුන් ජේ ඉන් ජයග්‍රහණය කරයි- 08.29AM

දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස ලිබරල් අපේක්‍ෂක මුන් ජේ ඉන් ජයග්‍රහනය කිරීමත් සමග එරට ජනතාව සතුට සැමරීම සඳහා ප්‍රධාන නගරවලට රැස්වෙමින් සිටින බවට වාර්තාවනවා.
පැවති ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්දවලින් සියයට 41.4 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට මුන් ජේ ඉන් සමත් වුනා.
ඔහුගේ ප්‍රතිවාදියා වූ කන්සවේටිව් අපේක්‍ෂක හොන් ජුං පිව්  හිමිකරගෙන ඇත්තේ සියයට 23.3 ක ප්‍රතිශයක් පමණයි.

 

South Korea
President
Moon Jaein